JUN
18
වාහන සිහිනය දකින අයට නව බලාපොරොත්තුවක්

විදේශයන්ගෙන් මෙරටට වාහන ආනයන කිරීම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය පිළිබඳව මෙම වසර අවසානයේ නැවතත් සමාලෝචනය කිරීමට නියමිතයි.
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍ය හමුවකදී මේ බව තහවුරු කළා.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ තාවකාලිකව පැනවූ මෙම තහනම හේතුවෙන් රුපියල් කෝටි 25,000 ක් පමණ රජයේ ඉතිරි කරගෙන ඇති බවයි. එම මුදල් කොවිඩ් මර්දන කටයුතු සඳහා යොදා ගැනීමට හැකි වූ බව ද ඔහු සඳහන් කළා.
source: live@8
675 Views
Comments