"මම ටෙළිනාට්ය නළුවෙක් නොවෙයි " - කාදිනල් හිමි

“ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ ටෙළිනාට්ය රඟපාන නළුවෙක් වගේ වෙන්න නෙවෙයි. ජනතාවගේ දුක වෙනුවෙන් පෙනී ඉන්න. ඒක කරන්න බැරිනම් අපි මේවා ගලවලා දාලා යන්න ඕනේ”
යැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
වාද්දුව ශුද්ධාත්ම දෙව් මැදුරේ නවීකරණය කරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු අදහස් දැක්වූ උන්වහන්සේ ඊයේ(23) මේ බව කියා සිටියේය.
“පාස්කු බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් පවත්වපු කොමිෂන් සභා වාර්තාවල යම් යම් දේවල් සඳහන් වෙලා තියෙනවා. මතුපිටින් පේන දේට වඩා යටින් ඊට වඩා ලොකු වැඩපිලිවලක් තිබුණා කියලා අපිට එන්න එන්නම වැටහෙනවා. ඒකට සාධක ගොඩක් තියෙනවා. අපිට කාගෙන්වත් පලිගන්න ඕන කමක්, රුදාවක් නැහැ. නමුත් අපිට ඇත්ත දැනගන්න ඕනෑ”
යැයිද උන්වහන්සේ වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ.
723 Views
Comments