සෞඛ්‍ය අංශ ප්‍රධානී උද්ඝෝෂකයින්ට කළ ආරාධනාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

සෞඛ්‍ය අංශ ප්‍රධානී උද්ඝෝෂකයින්ට කළ ආරාධනාව

සෞඛ්‍ය අංශ ප්‍රධානී උද්ඝෝෂකයින්ට කළ ආරාධනාව

උද්ඝෝෂණය හේතුවෙන් කොවිඩ් 19 රෝගය පැතිරීමේ වැඩි අවදානමක් පවතින බැවින් උද්ඝෝෂණවලින් වැළකී සිටීමට අදාළ පාර්ශ්ව අවධානය යොමු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

 

උද්ඝෝෂණ සංවිධායකයින් මෙන්ම ඊට සහභාගිවන්නන්ද වගකීමෙන් කටයුතු කළ යුතු බව හෙතෙම පැවසීය.

 

උද්ඝෝෂණ වැනි ඒකරාශිවීම් හරහා කොවිඩ් පොකුරක් ඇති වුවහොත් එහි වගකීම භාර ගන්නේ කවුරුන්දැයි ප්‍රශ්න කිරීමට සිදුවන බව මෙහිදී පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසානයේදී මේවාට සම්බන්ධ නොවන පිරිස්ද අවසාන ප්‍රතිඵලයේ ගොදුරක් බවට පත්විය හැකි බව අවධාරනය කළේය.

 

අවදානම සැලකිල්ලට ගෙන අවධානයෙන් කටයුතු කරන ලෙස සියලු‍ ජනතාව ගෙන් ඉල්ලා සිටින අතර එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයෙකුට වුවද කොවිඩ් ආසාදනය වීමේ හැකියාවක් පවතින බවද විශේෂඥ වෛද්‍ය හේමන්තේ හේරත් මහතා පෙන්වා දුන්නේය.

views

787 Views

Comments

arrow-up