බස්නාහිර නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමේ සූදානමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

බස්නාහිර නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමේ සූදානමක්

බස්නාහිර නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමේ සූදානමක්

ලබන 09 වන සඳුදායින් පසු බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

හමුදාපතිවරයා මේ බව සදහන් කළේ අද (05) උදෑසන ටී.වී. දෙරණ නාලිකාවේ දෙරණ අරුණ වැඩසටහන සමග එක්වෙමිනි. ජනාධිපතිතුමා රට විවෘත කිරීම පිළිබදව ඉතා පැහැදිලිව උපදෙස් දුන් බව හමුදාපතිවරයා කියාසිටියේය.

 

එහිදී වැඩදුරටත් අදහස් දැක්වූ යුධ හමුදාපතිවරයා මෙලෙස පැවසීය…. මේ දින 10ක් එක දිගට නිරෝධායන ඇඳිරිනීතිය යොදවලා බලාපොරොත්තු වුණේ වැඩිම ජන ඝනත්වයක් තියෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතරින් පුද්ගලයෙකුට මේ වෛරසය ව්‍යාප්තවීම අවම කිරීමට. මේ දින 10 තුළ කෙසේ හෝ කරගත යුතු PCR පරීක්ෂණ කරගෙන මේ පැතිරීම වළක්වා ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා.

 

ඒ අනුව 09 වැනි සඳුදා උදෑසන 5.00වන විට බස්නාහිර පළාත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා අපිට උපදෙස් දුන්නා. ජනාධිපතිතුමා කිසිසේත් බලාපොරොත්තුවක් නෑ ඉන් ඉදිරියටත් මේක රැගෙන යන්න. ඒ නිසා මේ දින 10 අපි උපරීම ප්‍රයෝජනයට අරගෙන ඒ කටයුතු සිදුකරනවා.

 

මේ පාර පැතිරෙන කොවිඩ් වෛරසය කොයිතරම් භයානකද කියනවා නම්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි ඔබ පළඳින මුව ආවරණය පවා වැරදියට පැළඳ සිටියහොත් මේ වෛරසට ඔබේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්.”

 

 

views

760 Views

Comments

arrow-up