මිනුවන්ගොඩ සරුංගල් ගැටුම දුරදිග යයි සිව්වැන්නත් ඝාතනය කරයි - (VIDEOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
20

මිනුවන්ගොඩ සරුංගල් ගැටුම දුරදිග යයි සිව්වැන්නත් ඝාතනය කරයි - (VIDEOS)

මිනුවන්ගොඩ සරුංගල් ගැටුම දුරදිග යයි සිව්වැන්නත් ඝාතනය කරයි - (VIDEOS)

මිනුවන්ගොඩ යමන් ගෙදර ප්‍රදේශයේ දී සරුංගල් ප්‍රශ්නයක් මුල්කරගනිමින් තිදෙනකු මිය යාමේ සිද්ධියට අදාළ පාර්ශ්වයක තරුණයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

 

මිනුවන්ගොඩ කොටගෙදර ප්‍රදේශයේදී අද මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි ලක්මාල්ද සිල්වා හෙවත් සුදු නැමැති පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ. අද පෙරවරුවේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම මෝටර් රථය මෙම තරුණයාගේ යතුරුපැදියේ ගැටීමට සලස්වා තිබෙනවා.

 

එහිදී මරණයට පත් පුද්ගලයා දිව යන අතරතුර තවත් සැකකරුවන් පිරිසක් ඔහු ලුහුබැද ගොස් මෙලෙස තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

 

2017 වසරේ අගෝස්තු 26 වනදා මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේදී සරුංගල් ප්‍රශ්නයක් මුල්කරගනිමින් පියකු සහ පුතෙකු ඝාතනය කෙරුණු අතර එම චෝදනාව සම්බන්ධයෙන් ඇප ලබා සිටී 65 හැවිරිදි පුද්ගලයෙකු 2018 වසරේ අප්‍රේල් මස 05වනදා වෙඩි තබා ඝාතනය කෙරුණේ මිනුවන්ගොඩ යටියන මංසන්ධියේදීයි.

 

අද ඝාතනයට ලක්වූ තරුණයා ඔහුගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව අනාවරණය වී තිබෙනවා.

 

එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කළේ.

 

පළමු ඝාතනය,

 

 

දෙවන ඝාතනය

 

 

අද ඝාතනය

 

 

views

4729 Views

Comments

arrow-up