ශ්‍රී ලංකාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් පිළිබඳ ලද බුද්ධි තොරතුරින් පසු ඉන්දියාව ආරක්ෂාව තර කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
14

ශ්‍රී ලංකාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් පිළිබඳ ලද බුද්ධි තොරතුරින් පසු ඉන්දියාව ආරක්ෂාව තර කරයි

ශ්‍රී ලංකාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් පිළිබඳ ලද බුද්ධි තොරතුරින් පසු ඉන්දියාව ආරක්ෂාව තර කරයි

ආයුධ සන්නද්ධ පිරිසක් ලංකාවේ සිට ඉන්දියාව වෙත ඇතුල් වීමට උත්සාහ දරන බවට බුද්ධි අංශ වලින් අනාවරණය වීමත් සමඟ තම ප්‍රාන්තයේ ආරක්ෂාව තර කිරීමට තමිල්නාඩු පොලීසිය තීරණය කර තිබේ.

 

මෙලෙස ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුල් වීමට බලාපොරොත්තුවෙන් සිටින බවට පසුගිය සෙනසුරාදා එරට බුද්ධි අංශ විසින් අනතුරු ඇගවීමක් නිකුත් කළා. එම අනතුරු ඇගවීමට පසු තූත්තුකුඩි, කන්‍යාකුමාරි, රාමේෂ්වරන් මෙන්ම චෙන්නායි නගරයේ ද ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුනා

 

 

මෙම කණ්ඩායම කවුරුන්ද යන්න පිළිබඳව තවමත් හරිහැටි අනාවරණය වී නොමැත. ඔවුන් බෝට්ටුවක් මගින් රාමේෂ්වරන් වෙරළ දෙසට ගමන් කර ඇති බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගැනුණි.

views

975 Views

Comments

arrow-up