පළාත් කිහිපයකට දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක් - මුහුදු ප්‍රදේශද විටින් විට රලුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

පළාත් කිහිපයකට දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක් - මුහුදු ප්‍රදේශද විටින් විට රලුවේ

පළාත් කිහිපයකට දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක් - මුහුදු ප්‍රදේශද විටින් විට රලුවේ

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත් වල දැනට පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් අද සහ හෙට දිනවලදී බලාපොරොත්තු වේ.

 

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසිඇතිවේ.

 

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තදවැසිද ඇතිවියහැක.

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තදවැසිද ඇතිවියහැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තදසුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

පුත්තලම සිට කන්කසන්තුරය , ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ.

 

ගාල්ල සිට කොළඹ,පුත්තලමසහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල වල සුළං වයඹ දෙසින් හමා එයි.

 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණවන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

 

views

712 Views

Comments

arrow-up