සිරකරුවෙක් හොරෙන් ගෙදර යැවූ බන්ධනාගා නිලදාරීන් තිදෙනෙකුගේ වැඩතහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
12

සිරකරුවෙක් හොරෙන් ගෙදර යැවූ බන්ධනාගා නිලදාරීන් තිදෙනෙකුගේ වැඩතහනම්

සිරකරුවෙක් හොරෙන් ගෙදර යැවූ බන්ධනාගා නිලදාරීන් තිදෙනෙකුගේ වැඩතහනම්

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු හොර රහසේ මුදාහැරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ජේලර්වරු දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.

 

මෙම සිරකරුවා පසුගිය 25 වැනිදා බන්ධනාගාර නිලධාරීන්ගේ උපකාරය ඇතිව ඉන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

 

කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත අදාළ සිරකරු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිට තිබෙනවා

 

බන්ධනාගාර දෙපාර්තමේන්තු මට්ටමින් සිදුකළ පරීක්ෂණයට අනුව එම රැඳවියාට බන්ධනාගාරයෙන් පළායාම සඳහා ජේලර්වරුන් දෙදෙනෙකු සහ නියාමකවරයෙකු සහයෝගය ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

 

ඒ අනුව විනය පරීක්ෂණයකට යටත්ව ඔවුන් තිදෙනාගේ වැඩතහනම් කිරීමට පියවර ගත් බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

 

views

597 Views

Comments

arrow-up