AUG
12
කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක නොකරන්නැයි නියෝග

කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ලබන 24 වැනි දා දක්වා ක්‍රියාත්මක නොකරන ලෙසට අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබේ.
කුරුණෑගල පිහිටි බුවනෙක බාහු රජ සමයට අයත් බව කියන ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් පසුගිය දා වරෙන්තු නිකුත්කර තිබුණි.
833 Views
Comments