මිනිස්සු පැය 16ක් පෝලිමේ දුක් විදිද්දී පෝලිම පැන පුතාගේ වාහනයට පෙට්‍රල් ගහගෙන ගිය උසස් පොලිස් නිලධාරියා (VIDEO)

නිල ඇඳුමෙන් පැමිණ තම පුතාගේ වාහනයට ඉන්ධන ලබා ගන්නා පොලිස් නිලධාරියෙකුගේ වීඩීයෝවක් සමාජ මාධ්‍යයේ සංසරණයවේ.
සාමාන්‍ය මහ ජනතාව පැය 16ක් පමණ පෝලිමේ සිටියද, පෝලිම නොතකා පැමිණි ඔහුට එහි සිටි තරුණයින්ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.
මෙම සිදුවීම සිදුව තිබෙන්නේ පෑලියගොඩ ප්‍රදේශයේදීයි.
පුද්ගලික අරමුණු වෙනුවෙන් මෙලෙස නිල ඇඳුම භාවිතා කිරීම කොතරම් සාධාරණද යන්න නම් ඇත්තේ ඉමහත් ගැටලුවකි.
එම වීඩියෝව පහතින් ගොස් නරඹන්න.
උස් තැන් දැක හැකිලෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නේ..පෑලියගොඩ පොලීසිය ඉදිරිපිට ඇති IOC එකෙන් පොලීසියේ ඉහළ නිලධාරීයෙක් තවත් සාමාන්‍ය පුද්ගලයෙකු හා ඔහුගේ දරැවා සමඟ පොලිමේ ඉන්නේ නැතුව තෙල් ගහගෙන ජනතාවගේ දෝෂාරෝපණයට ලක්වූ විදිහයි මේ...
Posted by Imran Hamid on Friday, May 20, 2022
689 Views
Comments