වැඩි මිලට සිමෙන්ති වික්කොත් වැඩ වරදී

වෙළදපොළෙහි සිමෙන්ති හිඟයක් මතු වීම හේතුවෙන් මේ වනවිට ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ අර්බුද රැසක් නිර්මාණය වී තිබේ.
ඇතැම් අලෙවිසල්වල සිමෙන්ති සීමා කර පාරිභෝගිකයා වෙත ලබාදීමට කටයුතු කරමින් සිටින බවත්, මේ වනවිට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1200 ඉක්මවා අලෙවි වන බවට තොරතුරු වාර්තා වී තිබේ.
මේ වන විට වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළෙදුන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් ආරම්භ කර තිබේ.
ඒ අනුව වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව වාර්තා වේ.
806 Views
Comments