පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මිය යාම පිළිබඳව මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට තවත් ලෙඩක්

අවස්ථා කිහිපයක දී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් මිය යාම පිළිබඳව ශ්‍රී ලංකාවට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 47වන සැසි වාරයේදී එහි කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ප්‍රකාශ කළා.
කොමසාරිස්වරිය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ පොලිස් භාරයේ දී සිදුවන මියයාම් මෙන්ම පොලිස් හා අපරාධ කල්ලි අතර සිදුවන ගැටුම්වලිනුත් සිදුවන මරණ පිළිබඳව තමන් නිරීක්ෂණය කර ඇති බවයි.
එමෙන්ම මෙරට දී සුළු ජාතීන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් ද අවධානයෙන් පසුවන බව ඇය සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව වාර්තාවක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට ක්‍රියාකරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ජිනීවා සැසිය අමතමින් කියා සිටියා.
1622 Views
Comments