MAR
01
සැනිටයිසර් නියාමනය කරමින් ගැසට් නිවේදනයක්

අත් පිරිසුදුකාරක (Hand Sanitizers) ආනයනය කිරීම හෝ අලෙවි කරන්නන් අප්‍රේල් 01 වැනිදා සිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අත් පිරිසුදුකාරක ආනයනයකරුවන්, නිෂ්පාදකයන්, බෙදා හරින්නන් සහ වෙළෙඳුන් විසින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අංකය ඇසුරුම්වල හා බහාලුම්වල පැහැදිලිව පෙනෙන පරිදි සඳහන් කළ යුතු වෙයි.
691 Views
Comments