පාර්ලිමේන්තු සංකීර්ණයේත් අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්නැයි නියෝග

පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු සංකීර්ණයේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමා සහයෝගය දෙන්නැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(9) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කතානායකවරයා මෙලෙස පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
පවතින තත්ත්ව යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ එදිනෙදා කටයුතුවලදී මෙන්ම විශේෂයෙන්ම භෝජනාගාරවලද යම් යම් අඩුපාඩු ඇතිවිය හැකි බව මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
එම අපහසුතා මේ අවස්ථාවේදී විඳ දරාගෙන සහයෝගය ලබා දෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව කතානායකවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි බුබුළු අතරින් පතර ඊයේ දිනයේ නිවා දමා තිබුණි.
632 Views
Comments