බණ්ඩාරවෙලදී වයෝවෘද්ධ යුවලක් පොරවකින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කළ මුණුබුරා
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
05

බණ්ඩාරවෙලදී වයෝවෘද්ධ යුවලක් පොරවකින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කළ මුණුබුරා

බණ්ඩාරවෙලදී වයෝවෘද්ධ යුවලක් පොරවකින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කළ මුණුබුරා

බණ්ඩාරවෙල බල්ලකෙටුව ප්‍රදේශයේ විසි දෙහැවිරිදි තරුණයෙකු විසින් සිය සීයාට සහ මිත්තනියට පොරවෙන් පහර දී ඝාතනය කිරීමේ අනුවේදනීය සිද්ධියක් වාර්තා වේ.

 

මෙසේ මරණයට පත්ව ඇත්තේ 80 හැවිරිදි ආර්. ඩී. එඩ්වින් සහ 70 හැවිරිදි ආර්. ඩී. ගුණවතී යන අඹුසැමියන් දෙපලක් බව සඳහන් වේ.

 

ඔවුන්ගේ දියණිය ගේ පුත්‍රයා විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර, සැකකරු මීට පෙර මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිටි හමුදාවෙන් පලාගිය සෙබළකු බව බල්ලකෙටුව පොලිසිය පවසා සිටී.

 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බල්ලකෙටුව පොලිසිය විසින් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.
 

views

302 Views

Comments

arrow-up