ජනපති හෙළි කල රටේ බලය ගත හැකි සූත්‍රය

රටේ බලය ගන්න අවශ්‍ය නම් ගමට ඇවිත් වැඩ කර පෙන්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු පක්ෂ වලට විවෘත ආරාධනයක් කළේය.
එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව අනෙකුත් පක්ෂවල අයටත් එන්නැයි ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
“සජබෙ අයටත් එන්න කියන්න. ජනතා විමුක්ති පෙරමුණටත් එන්න කියන්න. ඒ අය කොටසක් අරගෙන වගා කරන්න.
අක්කරයට අපි වගේ දෙගුණයක් අස්වැන්න ඒ අය ගන්නව නම් ආණ්ඩුව දෙන්න කියලා ඉල්ලන පුළුවන්.
ඒත් කරන්න බැරිනම් වැඩක් නෑනේ. බලය අවශ්‍යනම් පෙන්නන්න තමන්ට වැඩ කරනන් පුලුවන් කියලා. ගම් මට්ටමට ඇවිල්ලා ඒක කරන්න. සියලු පක්ෂ එක්ක කතා කරලා හැම දෙනාම එකට එකතු කර ගන්න මම සූදානම්”
යැයි ජනාධිපතිවරයා අනුරාධපුරයේ පැවති රැස්වීමකදී පැවසීය.
239 Views
Comments