DEC
29
අගමැති ඩුබායි යයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිල සංචාරයක් සඳහා ඩුබායි රාජ්‍යය බලා ලබන මස 2 වැනිදා පිටත්ව යෑමට නියමිතය.
එක්ස්ෆෝ ප්‍රදර්ශනයේ(2022) ගෝලීය උත්සවය ඩුබායි රාජ්‍යයේදී ජනවාරි 3 වෙනිදා පැවැත්වෙන අතර එහි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගීවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා ලැබී ඇතැයි අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
එම සංචාරයේදී අගමැතිවරයා සහ ඩුබායි රාජ්‍යයේ නායකයන් සමග විශේෂ සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වීමට නියමිතය.
699 Views
Comments