ලංකාවේ ජනප්‍රියම ගණිකා වෙබ් අඩවිය වසා දමයි - හිමිකරු මෙරට ප්‍රසිද්ධ පිරිත් වෙබ් අඩවියකුත් කරලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
29

ලංකාවේ ජනප්‍රියම ගණිකා වෙබ් අඩවිය වසා දමයි - හිමිකරු මෙරට ප්‍රසිද්ධ පිරිත් වෙබ් අඩවියකුත් කරලා

ලංකාවේ ජනප්‍රියම ගණිකා වෙබ් අඩවිය වසා දමයි - හිමිකරු මෙරට ප්‍රසිද්ධ පිරිත් වෙබ් අඩවියකුත් කරලා

මාර්ගගත ක්‍රමයට මුදල් ගෙවා කාන්තාවන් ගණිකා වෘත්තීයේ නියැලෙන මෙරට ප්‍රසිද්ධ වෙබ් අඩවියක් පසුගිය වෙසක් පොහෝ දින එහි හිමිකරුවා විසින්ම වසා දමා තිබෙනවා.

 

එයට හේතුව වී ඇත්තේ ඔහුගේ සැබෑ තොරතුරු ලංකාවේ සුප්‍රකට අන්තර්ජාල සමාජයක් ඔස්සේ හෙළිදරව් වීමයි. ඒ අනුව අදාල වෙබ් අඩවිය පවත්වාගෙන ගිය පුද්ගලයා පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු දරුවන් සිව් දෙනෙකුගේ පියෙක් බව හෙළි කර තිබුණා.

 

මෙරට ප්‍රධාන සමාගමක තාක්ෂණික නිලධාරියා වශයෙන් සේවය කළ අදාළ පුද්ගලයා මෙම වෙබ් අඩවිය ඔස්සේ දිනකට රුපියල් 150 000 ක පමණ මුදලක් උපයන බව වාර්තා වී තිබුණා.

 

ඒ අනුව ඔහුගේ මාසික වැටුප ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 45 ක් පමණ වනවා. උපහාසාත්මක කරුණ වන්නේ අදාළ අන්තර්ජාල ගණිකා සේවය සපයන වෙබ් අඩවිය පවත්වාගෙන ගිය තැනැත්තාම බුදුන් වහන්සේගේ ධර්මය බෙදා හරින මෙරට ජනප්‍රිය සිංහල වෙබ් අඩවියක් ද පවත්වාගෙන යාමයි.

 

ඔහුගේ එම අනන්‍යතාවයන් සියල්ල හෙළි වීමත් සමග පසුගිය වෙසක් පොහොය දිනයේ දී අදාළ වෙබ් අඩවිය වසා දමා ඇති අතර මේ වන විට එහි අම්බපාලී ජාතකය ප්‍රදර්ශනය කර තිබෙනවා.

 

මීට පෙර බම්බලපිටියේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලකින් පාසල් සිසුවෙක් බිමට ඇද වැටී බරපතල තුවාල ලැබූ සිදුවීමක් පසුගිය කාලයේ දී වාර්තා වූ බව ඔබට මතක ඇති. එම සිදු වීමේ දී පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකර තිබුණා.

 

එහිදී හෙළි වී තිබුණේ එම සිසුවා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබන බව පවසමින් දෙමව්පියන් විසින් ලබාදුන් දුරකථනයක් මගින් ලංකාවේ විවිධ ප්‍රදේශ වල සේවය සපයන ගණිකාවන්ගේ තොරතුරු ඇතුළත් ඉහත කී වෙබ් අඩවියට පිවිස එහි සේවය ලැබීම සඳහා පෙර සඳහන් කළ බම්බලපිටියේ ගොඩනැගිල්ල වෙත ගොස් ඇති බවයි.

 

කලින් දුරකතනයෙන් කතා කොට වෙන් කරගත් තරුණිය එහි පැමිණ අදාළ සිසුවා සමඟ කතාබහ කිරීමේ දී ඔහු පාසල් සිසුවෙකු බව හඳුනාගෙන තිබෙනවා. එහිදී ඇය සිසුවා සතුව තිබූ රුපියල් 10,000 ක මුදල ඉල්ලාගෙන මද වේලාවකින් පොලිසිය පොලිසිය යනුවෙන් කෑගසා කාමරයෙන් එළියට දිව විත් තිබෙනවා.

 

එහිදී කලබලයට පත්වූ සිසුවා පඩිපෙලෙන් බැසීම වෙනුවට අසල වූ ඉණිමගක් ඔස්සේ පහළට බැසීමට ගොස් එම අනතුර සිදුවී තිබුණා. කෙසේ නමුත් අදාළ වෙබ් අඩවිය මෙරට තුල තහනම් කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට බම්බලපිටිය පොලිසිය විසින් දන්වා තිබුණත් එයට ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

 

 

views

1675 Views

Comments

arrow-up