අපට ණය එපා... අවශ්‍ය ආයෝජන පමණයි - ජනපති චීනයට කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

අපට ණය එපා... අවශ්‍ය ආයෝජන පමණයි - ජනපති චීනයට කියයි

අපට ණය එපා... අවශ්‍ය ආයෝජන පමණයි - ජනපති චීනයට කියයි

අපට අවශ්‍ය ආයෝජන මිස ණය නොවන බව ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා.

 

ඒ චීන තානාපතිවරයා ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදීයී.

 

ශ්‍රී ලංකාව සදහා පත් කළ නව චීන තානාපති ක්වී සෙන්හොං මහතා ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සිය අක්තපත්‍ර භාර දුන්නා.

 

අනතුරුව චීන තානාපතිවරයා හා ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් ද පැවැත්වුණා.

 

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති රැසකටම චීනයේ සහාය ලැබී ඇති බව ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළා.

 

ශ්‍රී ලංකාවේ පුළුල් ආයෝජන සදහා ඉඩ පවතින බවයි ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ.

 

පසුගිය දශක දෙක තුළ චීනය අත්කරගත් ආකාරයේ ග්‍රාමීය සංවර්ධනයක් ශ්‍රී ලංකාවේ ඇතිකර මෙරට ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම තම ඉලක්කය බව ජනාධිපතිතුමා කියා සිටියා.

 

ඒ සදහා සහාය වන ලෙසටද ජනාධිපතිතුමා චීන තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ජනාධිපති ෂී ජින් පින් මහතාගේ සුභාශිංෂන ද මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිරිනැමුණා.

 

ශ්‍රී ලංකාව සෞභාග්‍යවත් දේශයක් ලෙස නැගී සිටින ආකාරය දැකීම චීනයේ අභිලාශය බවයි තානාපතිවරයා කියා සිටියේ.

 

 

 

 

 

 

 

 

 

views

767 Views

Comments

arrow-up