ප්‍රදේශවාසීන් අන්දවා ගෑස් සිලින්ඩර් ඉස්සූ ජාවාරම මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

ප්‍රදේශවාසීන් අන්දවා ගෑස් සිලින්ඩර් ඉස්සූ ජාවාරම මාට්ටු

ප්‍රදේශවාසීන් අන්දවා ගෑස් සිලින්ඩර් ඉස්සූ ජාවාරම මාට්ටු

ගෘහස්ථ හිස් ගෑස් සිලින්ඩර් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිට පුද්ගලයන් දෙදෙනකු නාවලපිටිය පොලිසිය විසින් සැකපිට දින අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරුවන් දෙදෙනා නාවලපිටිය, කිතුල්කොටේ සහ ඉඹුල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. එම සැකකරුවන් දෙදෙනා නිවසේ පැවැත්වෙන පින්කමක් සඳහා ගෑස් ලබා ගැනීමට අවශ්‍යය බව පවසමින් අසල්වාසීන්ගෙන් කිලෝ 12.5 සහ කිලෝ 5 හිස් ගෑස් සිලින්ඩර් 16 ක් ලබාගෙන තිබේ. එසේ ලබාගත් හිස් ගෑස් සිලින්ඩර් නාවලපිටිය ප්‍රදේශයේම පුද්ගලයන්ට රු 10,000, 15,000ක වැනි මිලකට විකුණා ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

 

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිල්ලක් මත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශණයකදී මෙම වංචාව අනාවරණය කරගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූවන් බවත්, එම සැකකරුවන් දෙදෙනා නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත්කරන බව නාවලපිටිය පොලිසිය පැවසීය.

views

221 Views

Comments

arrow-up