වනඅලි ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය පොලිස් සැරයන්

තඹුත්තේගම, පොතියාගම ප්‍රදේශයේ කුඹුරක සිටි නිවසට එමින් සිටි පුද්ගලයෙකු වනඅලි පහරදීමකින් මියගොස් තිබේ.
ඊයේ 29) සවස කෙසෙල් කොටුවට ගොස් ඇති එම පුද්ගලයා ජංගම දුරකථනයෙන් කතා නොකිරීම නිසා නිවැසියන් ඔහු සොයා ගොස් ඇත.
එහිදී අතරමඟ එම පුද්ගලයාගේ යතුරුපැදිය තිබෙනු දැක නැවත වතාවක් දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.
එම අවස්ථාවේදී අසල තිබු ඇළ මාර්ගයකින් දුරකථනය නාද වනු ඇසී සොයා බැලීමේදී එම පුද්ගලයා ඇළට වැටී සිටිනු ඥාතීන් දැක තිබේ.
වනඅලි පහරදීමෙන් එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ අනුරාධපුර පොලීසියට අනුයුක්තව සේවය කරන 49 හැවිරිදි පොලිස් සැරයක් සිසිර රත්නායක නැමති තිදරු පියෙකි.
ජයගඟ හරහා අලි වැටක් ඉදිකර දෙන ලෙස ගම්මුන් කොතෙකුත් ඉල්ලීම් කලත් මේවන තෙක් එය ඉටුවී නොමැති බවත් මෑත කාලයේදී පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ජීවිත වනඅලි පහරදීම් හේතුවෙන් නැති වූ බවත් ගම්වාසි පවසයි.
902 Views
Comments