දියවන්නා ඔයේ තෙල් තට්ටුවක්

දියවන්නා ඔයේ තෙල් තට්ටුවක් පාවීම සම්බන්ධව තමන්ට තොරතුරු ලැබී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
ඒ සම්බන්ධව වහාම සොයාබලා තමන්ට වාර්තාවක් ලබාදෙන මෙන් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.
ඒ සම්බන්ධව ඡායාරූප කිහිපයක් ද අමාත්‍යවරයාට හිතවතෙක් විසින් ලබා දී ඇති බවත් මින් දින දෙකකට පමණ පෙර එම සිදුවීම වාර්තාවී ඇති බවත් පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම ඡායාරූප අනුව විශාල තෙල් තට්ටුවක් දියවන්නාව දෙසට පාවෙමින් පවතින බවද පෙනී යන බවයි.
එම ක්‍රියාව කිසියම් පුද්ගලයෙක්, ආයතනයක් හෝ කණ්ඩායමක් විසින් සිදුකරන ලද ක්‍රියාවක්ද යන්න යන්න සොයා බලන්නැයිද අමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
722 Views
Comments