කොරෝනා වැළඳුණු බිරිඳ මිය ගොස් දින තුනකට පසු සැමියාත් මිය යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
17

කොරෝනා වැළඳුණු බිරිඳ මිය ගොස් දින තුනකට පසු සැමියාත් මිය යයි

කොරෝනා වැළඳුණු බිරිඳ මිය ගොස් දින තුනකට පසු සැමියාත් මිය යයි

Corona වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුලින් බිරිඳද ඊට දින 3නට පසු ඇගේ සැමියා ද මියගිය අවාසනාවන්ත පුවතක් බගවන්තලාව ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

තිදරු මවක් වන කාන්තාව Covid රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් පසුගිය 13 වනදා රෝහල්ගත කිරීමට ගෙන තිබුණා.

 

බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අය එදිනම මිය ගොස් තිබේ.

 

මියගිය කාන්තාවගේ PCR වාර්තාව ලැබුනේ එහෙයින් දින 3කට පසු 16 වැනිදාය.

 

PCR වාර්තාව ලැබුණු දිනයේම රාත්‍රියේදී ඇගේ සැමියාද මියගොස් තිබුණි.

 

ඔහුගේ සිරුර ද PCR පරීක්ෂණයකට ලක් කෙරුණි.

 

මේ වන විට ඔවුන්ගේ මෘත දේහ දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් හයදෙනෙක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

views

953 Views

Comments

arrow-up