ආණ්ඩුකාරවරියගේ මැදිහත් වීමෙන් නැගෙනහිර පළාතට සංචරණ සීමා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
10

ආණ්ඩුකාරවරියගේ මැදිහත් වීමෙන් නැගෙනහිර පළාතට සංචරණ සීමා

ආණ්ඩුකාරවරියගේ මැදිහත් වීමෙන් නැගෙනහිර පළාතට සංචරණ සීමා

කොරෝනා රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමේ අරමුණෙන් නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබෙනවා.

 

එම නිවේදනය පහතින්,

 

කොරෝනා රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.

 

මීට අමතරව නැගෙනහිර පළාතේ සියලු නගරවල වෙළඳසැල් පස්වරු 6.00 න් පසුව වසා දැමීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ආණ්ඩුකාරවරිය ඉල්ලීම් කර තිබේ. සවස 6.00 න් පසුව අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්නට ජනතාව නගරවලට ඇතුළුවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

 

දිස්ත්‍රික් මායිම් අතර මාර්ග බාධක යොදා ගනිමින් ජනතාවගේ අනවශ්‍ය ගමන් බිමන් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.

views

1880 Views

Comments

arrow-up