බ්‍රැන්ඩික්ස් පොකුර හොයන්න ගිය CIDයේ 20කට කොරෝනා

බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා වයිරසය ඇතුළු වුයේ කෙසේදැයි යන්න විමර්ශනයට ගිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 20 දෙනකුටද කොරොනා වැලඳී ඇති බව ඇමැති සරත් වීරසේකර ඊයේ (07 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවසුවා
නීතිපතිවරයාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම විමර්ශන කටයුතු ආරම්භ කර දින දෙකක් ගත වෙද්දී එම නිලධාරීන් හැත්තෑ දෙනෙකුට කොවිඩ් ආසාදනය වූ බව ඇමැතිවරයා පවසනවා
මේ නිසා එම විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව කී ඇමැතිවරයා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සියයකගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගනිද්දී එම කටයුත්ත කළ නිලධාරීන් විසි දෙනකුද කොවිඩ් ආසාදිතයන් බවට පත්වූ බව පැවැසුවේය.
790 Views
Comments