ධනංජයගේ පියා ඝාතන සිදුවීමට සම්බන්ධ සැකකරුවෙකු ඉන්ටර්පෝල් අත්අඩංගුවට

හිටපු දෙහිවල – ගල්කිස්ස නගර සභාවේ නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වාගේ ඝාතනයට අවශ්‍යව සිටි සැකකරුවෙකු වන ධර්මසිරි පෙරේරා ජාත්‍යන්තර පොලිසිය විසින් අබුඩාබි හිදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ධර්මසිරි පෙරේරා යන මෙම සැකකරු නාගරික මන්ත්‍රීවරයාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවෙකු වනවා.
2018 වර්ෂයේ රත්මලාන ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් නාගරික මන්ත්‍රීවරයා ජිවිතක්ෂයට පත්වුවා.
රංජන් ද සිල්වා යනු ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා ගේ පියායි.
750 Views
Comments