“අම්මේ තාත්තේ මට සමාවෙන්න” - වරෙන්තු පිට සිටි සමයංගේ ගෝලයෙක් ලියුමක් ලියා දිවි නසා ගෙන
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
21

“අම්මේ තාත්තේ මට සමාවෙන්න” - වරෙන්තු පිට සිටි සමයංගේ ගෝලයෙක් ලියුමක් ලියා දිවි නසා ගෙන

“අම්මේ තාත්තේ මට සමාවෙන්න” - වරෙන්තු පිට සිටි සමයංගේ ගෝලයෙක් ලියුමක් ලියා දිවි නසා ගෙන

“අම්මේ තාත්තේ මට සමාවෙන්න. ඔයගොල්ලො මම වෙනුවෙන් කරපු දේවල් මම විනාශ කළා. මගේ ජීවිතේ අදින් ඉවරයි” යනුවෙන් ලිපියක් ලියා තබා අසල නිවසක කාමරයක ගෙල වැලලාගෙන මියගිය තරුණයකුගේ මළ සිරුරක් පසුගිය 19 වනදා උදෑසන නවගමුව පොලිසිය විසින් සොයාගෙන තිබේ.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ හොරකැටිය පාර, කොරතොට පදිංචි හංවැල්ලගේ ඉමේෂ් රශ්මික හෙවත් සුද්දා නමැත්තෙකි.

 

මෙම තැනැත්තා පාතාල නායකයෙකු වූ සමයංගේ ගෝලයෙකු බව පොලිසිය පවසයි. 

 

රනාල බීම සමාගමක් අසලදී පුද්ගලයකුගේ අතක් කපා දැමීම, බියගම දී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම මෙන්ම ත‍්‍රිරෝද රථ සොරකම් සම්බන්ධවද මොහුට විරුද්ධව නඩු විභාග වෙමින් පවතියි. 

 

මෙම පුද්ගලයා මෙම නඩුවලට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් වී පොලිසිය මගහරිමින් සිට ඇත. මේ තැනැත්තා ඒ හේතුව මත සියදිවි නසා ගන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

views

732 Views

Comments

arrow-up