සම්බාහනයට මුවාවී ඇඟ විකිණූ කාන්තාවන් 09ක් මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

සම්බාහනයට මුවාවී ඇඟ විකිණූ කාන්තාවන් 09ක් මාට්ටු

සම්බාහනයට මුවාවී ඇඟ විකිණූ කාන්තාවන් 09ක් මාට්ටු

කාන්තාවක් විසින් ගල්කිස්ස විජේවර්ධන පාර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් නව දෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

 

දුර බැහැර ප්‍රදේශවල පදිංචි එම කාන්තාවන් කොළඹ ප්‍රදේශයේ රැකියා කරන බව පවසා මෙම ස්ථානයේ රැඳී සිටිමින් ගණිකා වෘත්තියේ යෙදී ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසයි.

 

අත්අඩංගුවට ගත් සැකකාරියන් මැදවච්චිය, පස්සර, ඕපනායක, මස්පන්න, මන්ඩවිල, මොරටුව, රත්නපුර හා හෝකන්දර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19 හා 20 අතර පසුවන තැනැත්තියන්ය. සැකකාරියන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

260 Views

Comments

arrow-up