DIG බිම්ශානිගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය නැගී සිටියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
18

DIG බිම්ශානිගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය නැගී සිටියි

DIG බිම්ශානිගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය නැගී සිටියි

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස උසස්වීම් ලැබූ බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මිය වෙනුවෙන් පෙනී සිටින බව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංගමය පවසනවා.

 

නියෝජ්‍ය පොලිස්පතිනියගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ඇයට සාධාරණය ඉෂ්ට වන තෙක් සටන් කරන බවයි බිම සංසඳය වැඩිදුරටත් කියා සිටියේ. මේ සම්බන්ධව අද පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය හමුවක් පැවැත් වුණා.

 

ශ්‍රී ලංකාවේ කාන්තාවන් පොලිසියට බදවා ගනු ලබන්නේ නම් උසස්වීම් ලබා ගැනීම ද ඔවුන්ට ක්‍රමවත්ව එම විය යුතු බවත් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව තමා අප්‍රසාදය පළකරන බවත් මාධ්‍ය හමුවේ දී අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියා.

 

මෙම මාධ්‍ය හමුවට රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රෝහිණී විජේරත්න, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී කුෂාණි රෝහණදීර යන මහත්මීන් ද එක්ව සිටියා.

views

702 Views

Comments

arrow-up