රනිල් සහ මෛත්‍රී කොරෝනා පරික්ෂාවට ලක් කෙරේ

තමන් සහ තම බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කොරෝනා පරීක්ෂාවට ලක් වූ බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු සඳහන් කළේය පසුගිය අප්‍රේල් මාසයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී තමන් කොරෝනා පරීක්ෂාවට ලක් වූ බවයි.
නමුත් මෙතෙක් තමනට කොරෝනා ආසාදනයක් සිදු නොවූ බවත් පැවසූ ඔහු ජයවර්ධනපුර සරසවියේ පරීක්ෂණ වාර්තා වැරදි නම් තමනට අද කොරෝනා ආසාදනය වී තිබිය යුතු බවද සදහන් කළා.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් කැගල්ලේදී අමතමිනි
1421 Views
Comments