හෝටලයක හිමිකරු නිදන ඇදේදීම ඝාතනය කරයි

පිළියන්දල පොලිස් වසමේ ගුරුගම්මාන පාර, කැස්බෑව ලිපිනයේ පිහිටි හෝටලයේ හිමිකරු එම හෝටලය තුළ දී ඝාතනය කර තිබෙනවා.
අද(07) අලුයම 04.00ට පමණ ලැබුණු තොරතුරක් අනුව පිළියන්දල පොලිසිය විසින් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 50ක පුද්ගලයෙකි.
මරණකරු, නිදන ඇඳ මත හිසේ පිටුපස තුවාල සහිතව සිටිය දී හමුවී ඇත.
මියගිය පුද්ගලයාගේ බිරිඳ ද මෙම සිද්ධියේ දී තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබේ.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්‍ෂණය කැස්බෑව මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කර ඇත.
සිද්ධිය සම්න්ධයෙන් වැඩිදුර විමර්ශන පිළියන්දල පොලිසිය විසින් සිදු කරනු ලැබේ.
803 Views
Comments