චීන ඌරන්ගෙන් නව උණ වෛරසයක්

ඌරන් ගෙන් ව්‍යාප්ත වන නව උණ වෛරසයක් පිළිබඳ චීනය විසින් සිදුකළ අධ්‍යයනයක් කෙරේ දැඩි අවධානය යොමුකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.
ඒ, කොවිඩ් වසංගත තත්ත්වය තුළ ඉන්ෆ්ලුවන්සා ව්‍යාප්ත වීමේ චර්යා අධීක්ෂණය කිරීම සඳහා මෙම අධ්‍යයනය උපකාර වන බැවිනි.
අද දින නිකුත් කළ නිවේදනයකින් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටියේ, චීනයේ වසන ඌරන් හරහා ව්‍යාප්ත වන මෙම නව උණ වෛරසය මිනිසුන් හට ආසාදනය වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි.
මෙම අධ්‍යයන වාර්තාවෙන් පෙන්වා දී තිබෙන්නේ වසංගත තත්ත්වයක් දක්වා උත්සන්න වීමට පෙර එම නව උණ වෛරසය මර්දනය කළ යුතු බවයි.
ජිනීවා හීදි පැවති හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත ක්‍රිස්ටියන් ලින්ඩ්මෙයර් පවසා සිටියේ මෙවැන්නකි.
"මෙම අධ්‍යයනය තුළින් පෙන්වා දෙන නව සොයාගැනීම් පිළිබඳ අප විමසිල්ලෙන් කියවමු. ඉන්ෆ්ලුවන්සා සම්බන්ධයෙන් අපගේ ආරක්ෂක විධිවිධාන ලිහිල් කළ නොහැකියි. එබැවින්, කොරොනා වෛරස වසංගතය තුළ පවා මෙම තත්තවයන් පිළිබඳ අධීක්ෂණය කිරීමට කටයුතු කරමු."
එකී අධ්‍යයන වාර්තාවේ සොයාගැනීම් වලට අනුව සත්ව ගහන පාලනය පිළිබඳ අවධානය යොමුකළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
812 Views
Comments