විල්පත්තු නඩුවේ තීන්දුව ජූලි 31 වනදා

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ට ආසන්නව පිහිටි මරිච්චුකට්ටි රක්ෂිත වන ප්‍රදේශයේ හෙළි කොට අනවසර ඉදිකිරීම් කිරීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති රීට් පෙත්සමට අදාළ තීන්දුව ජූලි මස 31 දා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය දින ලබා දී තිබෙනවා.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම අද දින කැඳවූ අවස්ථාවේදී ජනක් ද සිල්වා මහතා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ බව ප්‍රකාශ කරනු ලැබුවා.
අද දින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා සිටියේ තම සේවාදායකයන්ගෙන් මේ වන විට ලිඛිත දේශන ගොනු කර ඇති බැවින් යළි ලිඛිත දේශන කිරීමට අපේක්ෂා නොකරන බවයි.
763 Views
Comments