ඊයේ හඳුනාගත් කොරෝනා රෝගීන් 40 දෙනාගේ තොරතුරු මෙන්න

කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් 40 දෙනෙකු ඊයේ දිනය තුල හඳුනාගෙන තිඛෙනවා.
ඒ අතරින් 29 දෙනෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අය වන අතර 11 දෙනෙකු අමරිකාවේ සිට මෙරටට පැමිණි අය වනවා.
මෙම නව රෝගීන් 40 දෙනාද ඇතුලුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1991 දක්වා ඉහල යනු ඇති.
එම පිරිස අතරින් 432 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 1548 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
791 Views
Comments