මංගල සම්පත් බැංකු ගිණුම වසයි කෝටිපති ප්‍රියාන් මැණික් ගිණුමක් අරී

පසුගියදා සම්පත් බැංකුවේ දෙහිවල ශාඛාවේ සිදුවූ සිදුවීමත් සමග ඇතැම් පිරිස් සම්පත් බැංකුවෙ ගිණුම් වසා දැමීමට කටයුතු කළා. ඒ බුර්කාව හැඳි කාන්තාවකට බැංකුවට ඇතුළුවීමට ඉඩ ලබා ලබා නොදීමත් සම්පත් බැංකුව අයත් ඒ සිංහල බෞද්ධයන්ට සේවය කිරීමට යැයි පැවසීමත් හේතුවෙනි. මෙලෙස ගිණුම් ඉවත් කර ගත් පිරිස අතර කැපී පෙනෙන චරිතයක් වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ය.
කෙසේ වෙතත් සම්පත් බැංකුව වැට්ටීමේ අදහසින් මෙලෙස ගිණුම් ඉවත් කිරීම තුළින් සිදු වුයේ තවදුරටත් සම්පත් බැංකුව ශක්තිමත් වීමයි. ඒ සම්පත් බැංකුවට එරෙහි වන පිරිස මෙන් කිහිප ගුණයක් සම්පත් බැංකුව වෙනුවෙන් පෙනී සිටීම නිසාය. දහස් සංඛ්‍යාත ජනතාව වෙනත් බැංකුවල තිබූ සිය ගිණුම් සම්පත් බැංකුවට ගෙන ඒමට පියවර ගෙන තිබුණා. මෙලෙස නව සම්පත් බැංකුව කිරීම ආරම්භ කළ පිරිස අතර සිටි කෝටිපති ප්‍රියාන් මැණික් කාගෙත් කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය.
ප්‍රියංග පුෂ්පකුමාර යනු ලංකාවේ සුප්‍රකට කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකි. ඔහු නව සම්පත් බැංකු ගිණුම ආරම්භ කිරීමත් සමග facebook මගින් පැවසූයේ මෙම අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන් ලෙස අප සම්පත් බැංකුව තනි නොකළ යුතු බවයි.
11442 Views
Comments