15 හැවිරිදි ශිෂ්‍ය නායිකාව ගැබිනියක් කළ 14 හැවිරිදි සිසුවා

මාරවිල පොලිස් බල ප්‍රදේශයට අයත් නාත්තන්ඩිය අධ්‍යාපන කලාපයේ කණිෂ්ඨ විද්‍යාලයක පහළොස් හැවිරිදි සිසුවිය ගැබිණියක් කිරීම සම්බන්ධයෙන් එම පාසලේ ම දාහතර හැවිරිදි බාල වයස්කාර සිසුවෙකු අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය කටයුතු කර තිබේ.
මේ සිසුවා පහළොස් හැවිරිදි ශිෂ්‍ය නායිකා සිසුවියගේ පෙම්වතා බව ද වාර්තා වේ.
මාරවිල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිසුවියගේ නිවසටම ගොස් මේ බව පවසන තෙක් නිවැසියන් ඇය ගැබිනියක් බව නොදැන සිට ඇත.
අනතුරුව නිලධාරීන් විසින් පහළොස් හැවිරිදි සිසුවිය සිය භාරයට ගෙන තිබේ.
කෙසේ නමුත් සිසුවිය ගැබිනියක් කල බව කියවෙන 14 හැවිරිදි සිසුවා එය කළේද යන්න තහවුරු කරගැනීමට අදාළ සිසුවිය දරුවා ප්‍රසූත කිරීමට තෙක් බලා සිටීමට සිදුවේ.
ඉන් අනතුරුව DNA පරීක්ෂණයක් සිදු කිරීමෙන් එය තහවුරු කර ගැනීමට පොලිසිය මේ වන විටත් කටයුතු යොදා ඇත.
සැකකාර සිසුවා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
හලාවත කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා සහ නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන්ගෙන් ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව වැඩිදුරටත් පරීක්ෂණ සිදුවෙමින් පවතී.
37457 Views
Comments