අරගලයට මුදල් යෙදවූ පුද්ගලයාගේ රහස් සියල්ල එළියට - සැලසුම ගැන හිටපු ඇමති කියයි

ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගමට’ වියදම් කරපු හැටි ගැන හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හෙළිදරව්ව කළා.
අරගලයට පළමු සතියේ වියදම් කළේ මංජු නිශ්ශංක යන පුද්ගලයෙකු බවත් ඔහුට ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය පාස්පෝට් දෙකක් තිබුණද ඔහුට ලංකාවේ රටවැසිභාවය නොමැති බවයි වීරවංශ සඳහන් කළේ.
“ඊයේ පෙරේදා චීන තානාපති කාර්යාලය ඉස්සරහා තිබුණා චීනයට සහයෝගය පළකරන උද්ඝෝෂණයක්. මෙන්න බොලේ ‘ගෝඨා ගෝ ගමේ’ ලැගගෙන හිටපු නෝනා කෙනෙක් ඇවිල්ලා කෑගහනවා,’උඹලා චීනාට මේ රට විකුණන්න යන්නේ. ඒවාට අපි ඉඩ දෙන්නේ නැහැ’ කියලා. එතකොට තේරුම්ගත හැකියිනේ, ‘අරගලය චීන විරෝධියි. එහෙම නම් පක්ෂ කවරකුට ද?’ කියලා. අපි දන්නවා ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගමට’ වියදම් කරපු හැටි. මංජු නිශ්ශංක කියලා කෙනෙක් තමයි පළමු සතියේ වියදම් කළේ. එයාට ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය පාස්පෝට් දෙකක් තිබෙනවා. නමුත් ලංකාවේ රටවැසිභාවය නැහැ. ඒගොල්ලො තමයි තානාපති අංශ මගින් මෙහෙයවනු ලැබුවේ. ‘අරගල සැලසුම’ 100%ක් සාර්ථක නොවුණාට බොහෝ දුරට සාර්ථක වුණා. අදත් මේ රටවල් බලන්නේ අපේ රටේ ඉරණම නැත්තටම නැති කරන්න.”
“එක රටක් බලනවා ඒගොල්ලන්ගේ මුදල් ඒකකය අපට දෙන්න. අපේ මුදල් ඒකකයට ඩොලර් එකට ගෙවන්න ඕනේ තුන්සිය ගාණක්. ඒගොල්ලොන්ගෙ මුදල් ඒකකයට ඩොලර් එකට ගෙවන්න ඕනේ අසූ ගාණක්. අපේ ලංකා රුපියල පාවිච්චි කරන විදියටම ලංකාව ඇතුළේ ඉන්දියන් රුපියල පාවිච්චි කරන්න දෙන්නයි යන්නේ. ඒකේ පළමු පියවර විදිහට ඉරිදා පත්තරේක දාලා තිබුණා ඒ ගැන සුබවාදී විග්‍රහයක්. ඉන්දියන් රුපියල ලංකාව තුළ සංසරණය වීමට සලස්වා දෙවනුව එහෙ රේගුවයි, මෙහෙ රේගුවයි, ඒකාබද්ධ කරනවා. එතකොට අපි ආර්ථිකමය වශයෙන්, ඒ අයගේ ප්‍රාන්තයක්. දේශපාලන වශයෙන් අපි ඡන්ද තියයි, පාර්ලිමේන්තුවට එක එක්කෙනා යවයි. ඒ යවන අයත් අහුවෙනවා ඊට පස්සේ ඒ බලවත් රටවල න්‍යාය පත්‍රයට.” යැයි වීරවංශ වැඩිදුරටත් පැවසුවා.
287 Views
Comments