අයිස් පාසල් බිලි ගනී

පාසල් සිසුන් ඇතුළුව තරුණ ප්‍රජාව බිලි ගැනීම සඳහා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සංවිධානාත්මකව ව්‍යාප්ත වන බවට වසර දෙකක් තිස්සේ බුද්ධි අංශ අනතුරු හඟවා ඇතැයි ජනාධිපතිවරයා හමුවේ අනාවරණය වී ඇත.
මත්ද්‍රව්‍ය උවදුර පාලනය සඳහා කඩිනමින් නීති සංශෝධනය කර මෙත්ඇම්පිටමින් (අයිස්), කොකේන්, මොෆින් ඇතුළු මත්ද්‍රව්‍ය සඳහා සංශෝධන කඩිනමින් ගෙන එන ලෙස බුද්ධි අංශ කළ අනතුරු හැඟවීම් අධිකරණ අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව වෙත දිගින් දිගටම යොමු කර ඇතැයි ද හෙළිවී තිබේ.
නීති පනත් සංශෝධනය කිරීමට වූ ප්‍රමාදය නිසා මත්ද්‍රව්‍ය ජාලය රට පුරා ව්‍යාප්ත වීමට මූලිකවම බලපා ඇතැයි ආරක්ෂක ප්‍රධානීහු ජනපතිවරයා හමුවේ පෙන්වා දී ඇත.
233 Views
Comments