NOV
07
රට වටා යන චීන පොහොර නැව කොළඹ වරාය භාර ගනීද?

ප්‍රතික්ෂේප කරන ලද චීන කාබනික පොහොර රැගත් හිපෝ ස්පිරිට් නෞකාව මේ වන විට කොළඹ වරායට ආසන්නව නතර කර ඇති බව බව ජාත්‍යන්තර සමුද්‍ර ගමනාගමන වෙබ් අඩවි තහවුරු කරයි.
ඊයේ (06) පෙරවරුවේ හිපෝ ස්පිරිට් නෞකාව ශ්‍රී ලංකා මුහුදේ බටහිර මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් තිබිණ.
පසුගිය 24 වෙනිදා වෙනත් නමකින් හම්බන්තොටට නුදුරු මුහුදේ පෙනී සිටි මෙම නෞකාව පසුගිය 02 වැනිදා සිය සැබෑ නමින් මාතර වැලිගම සිට නාවික සැතපුම් 61 ක් දුරින් පෙනී සිටියේ ය.
646 Views
Comments