අඟහරු මත තනිව වාසය කිරීමට යන අවුරුදු 20 පුංචි කෙල්ල - Alyssa Carson

ඇය නමින් Alyssa Carson (එලෙයිසා කාර්සන්). 2001 වසරේ මාර්තු 10 වැනිදා ඇමරිකාවේ උපත ලැබූ එලෙයිසා කාර්සන් මේ වන විට ලෝකයේම අවදානය දිනා සිටී. ඒ ඇය අඟහරු ග්‍රහයා මතට පා තබන පළමු කාන්තාව වන බව නිවේදනය කිරීමත් සමඟයි. නාසා ආයතනයේ Blueberry මෙහෙයුම යටතේ 2033 වර්ෂයේදී අඟහරු ග්‍රහයා වෙත යැවීමට නියමිතයි.
මේ වන විට 20 හැවිරිදි වියේ පසුවන එලෙයිසා කාර්සන් ඇයට වයස අවුරුදු 3 සිටම තමාට ගඟනගාමියෙකු වීමට අවශ්‍ය බවත් අඟහරු වෙත යාමට අවශ්‍ය බවත් ඇගේ පියා හට පවසා තිබෙනවා. කෙසේ හෝ තම දියණියගේ එම සිහිනය සැබෑ කිරීමට ඇගේ පියා සමත් වෙනවා.
ඇය වයස අවුරුදු 19 වන විට අභ්‍යාවකාශ ෂටල දියත් කිරීමේ මෙහෙයුම් තුනක් සියැසින්ම දැක බලාගෙන තිබෙනවා. ඒ වගේම ඇය 7 වතාවක් අභ්‍යාවකාශ කඳවුරු සඳහා සහභාගී වී තිබෙනවා. 3 වතාවක් අභ්‍යාවකාශ ඇකඩමියේ වැඩමුළු වලට සහභාගී වී තිබෙනවා. තවත් එක් වතාවක් රොබෝ ඇකඩමියේ පුහුණු වැඩසටහන් වලට එක් වී තිබෙනවා. එමෙන්ම ඇය ඇමෙරිකානු උසස් අභ්‍යවකාශ ඇකඩමියේ උපාධිය ලැබූ ළාබාලතම තැනැත්තිය ද වනවා.
නාසා ආයතනය විසින් පැවැත්වූ අභ්‍යවකාශ කඳවුරු තුනටම සඳහා සහභාගි වූ පළමු පුද්ගලයා වන්නේ ද එලෙයිසා කාර්සන්ය. නාසා ආයතනයේ පාස්පෝට් වැඩසටහන සම්පූර්ණ කළ ප්‍රථමයා වන්නේද ඇයයි. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 9ක් පුරා විහිදී ඇති නාසා ආයතනයෙන් අරඹන මධ්‍යස්ථාන 14ම නැරඹීමට ඇයගේ ජීවිත කාලය තුළ සමත්වී තිබෙනවා.
සුන්දර තරුණියක් වන එලෙයිසා කාර්සන් අඟහරු චාරිකාවට ප්‍රථම චිත්‍රපටයකට ද සහභාගි වී තිබෙනවා. Mars Generation ලෙසින් හැඳින්වෙන මෙම චිත්‍රපටිය පැය 1 මිනිත්තු 37 ක කාලයක් දිවෙනවා. මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 6.4 ක අගයක් හිමිකරගෙන තිබේ.
සිය ජීවිත කාලයේ එකම අරමුණ අඟහරු තරණය කිරීම බව ඇය පවසා තිබෙනවා.
"සැම විටම ඔබේ සිහිනය අනුගමනය කරන්න, එය ඔබෙන් ලබා ගැනීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න."
යනුවෙන් ඇය පවසනවා.
තවමත් 20 හැවිරිදි වියේ පසුවන මේ තරුණිය අවිවාහකයි. ඇයට විවාහය ගැන කිසිඳු හැඟීමක් නොමැති බව එලෙයිසා පවසා තිබුණා. කෙසේ නමුත් ඇයව අඟහරු වෙත යවනු ලබන්නේ අඟහරු මත මානව ජනාවාස පිහිටුවීමේ පළමු පියවර ලෙසයි. එමෙන්ම ඇය අඟහරු වෙතට ගිය පසු නැවත පෘථිවියට පැමිණීමක් සිදු වන්නේද නැහැ.
එයට හේතුව ථිවියේ සිට අඟහරු වෙතට අභ්‍යවකාශ යානාවක් ගමන් කරවීමට අවශ්‍ය තාක්ෂණය පෘථිවියේ සතුව තිබුනත් අඟහරු සිට පෘථිවියට නැවත අභ්‍යවකාශ යානාවක් ගෙන්වීමට තරම් තාක්ෂණයක් පෘථිවියේ හෝ අඟහරු සතුව නොමැති වීමයි. ඇගේ එම පියවර සාර්ථක වුවහොත් එය දීර්ඝ කාලීනව අඟහරු තුළ රැඳී සිටිනු ඇති. කෙසේ නමුත් මෙම අවදානම් ගමන තුළ ඇයට ජීවිත අවදානමක් ද තිබේ.
යම් හෙයකින් යානය අඟහරු කක්ෂයට ඇතුළු වූ විට එය ගොඩබැස්වීමේ දී අනතුරට ලක්විය හැකියි. කෙසේ නමුත් මේ සියලු අභියෝග සඳහා තමා සූදානම් බව එලෙයිසා කාර්සන් ප්‍රකාශ කරනවා. මේ වන විට අඟහරු ගමන සඳහා ඇය නාසා ආයතනය සමඟ එක්ව පෙර පුහුණුවීම් කටයුතුවල නිරත වනවා.
මේ අතර ඉලොන් මස්ක්ද අඟහරු වෙත මිනිසුන් යැවීමෙන් මෙහෙයුමක් 2024 වසරේ දී දියත් කිරීමට සූදානමින් සිටිනවා. ඉලෝන් මස්ක්ගේ මෙහෙයුම සාර්ථක උවහොත් එලෙයිසාට අඟහරු මතට ගොඩ බසින පළමු කාන්තාව වීමට හැකි වන්නේ නැහැ.
නමුත් ඇයට අඟහරු මතට ගොඩ බසින පළමු කාන්තාව විය හැකියි. අඟහරු මෙහෙයුම සඳහා යවන SpaceX Starship යානයද මේ වන විට සාර්ථක තත්වයේ පවතී. මේ මෙහෙයුම් දෙකෙන් කවරක් සාර්ථක වේ දැයි අපි බලා සිටිමු.
1211 Views
Comments