බැරල් බූලි වලට තෙල් අරන් ගිනි ගාණට විකුණන හොරු අල්ලන්නට නියෝග

බූලි, බැරල් සහ කෑන්වලට ලබා ගන්නා ඉන්ධන වැඩි මිලට විකුණන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිස්පතිවරයා දිවයින පුරා සියලු ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.
ඉන්ධන අර්බුදයක් නිර්මාණය කිරීමට මේ තත්ත්වය හේතුවක් වී ඇති බවට නිරීක්‍ෂණය වී ඇති බවද පොලිස්පතිවරයා එමගින් පෙන්වා දී ඇත.
1961 අංක 28 දරන ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත 1979 අංක 34 දරන ඛනිජ තෙල් නිෂ්පාදන පාලනය සහ සැපයීම් නියාමන පනත සහ 1987 අංක 6 දරන ඛනිජ තෙල් ආඥා පනත ප්‍රකාරව නිසි බලධාරියාගෙන් ලබා ගත් බලපත්‍රයක් රහිතව ඛනිජ තෙල් නිෂ්පාදනය, විකිණීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ත් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බවත් පොලිස්පතිවරයා සිය නියෝගය මගින් සියලු ම පොලිස් නිලධාරීන්ට පෙන්වා දී තිබේ.
ඒ අනුව, මෙම නෛතික තත්ත්වයට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයන් පිළිබඳව පරීක්‍ෂා කර බලා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ත් මේ පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙතොත් පොලිස් නීතිය අනුව කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාගෙන් වැඩිදුර උපදෙස් ලබාගන්නා ලෙසත් පොලිස්පතිවරයා දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරුන් ඇතුළු සියලු ම රාජ්‍ය නිවේදිත නිලධාරීන්ට දැනුම් දී තිබේ.
738 Views
Comments