ඩුබායි රාජ්‍යයේදී මිය ගිය කෙසෙල්වත්තේ දිනුකගේ මළසිරුරේ ජායාරූපය ලීක් වෙයි

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගුවන් මගින් රැගෙන ආ කෙසෙල්වත්තේ දිනුකගේ මළ සිරුරේ ජායාරූපයක් ප්‍රථමව මාධ්‍යට නිකුත් කරයි. ඔහුගේ මළ සිරුර ඉදිරි විමර්ශන සදහා මීගමුව මහ රෝහලේ මෘත ශරිරාගාරය වෙත මේවන විට රැගෙනවිත් තිබෙනවා. ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදි කිරීමට කටයුතු යොදා තිබෙනවා. එසේම ඔහුගේ සිරුර සම්බන්ධයෙන් පීසීආර් පරික්ෂාවක්සේම මරණට හේතුව සෙවීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තියෙනවා.
කෙසෙල්වත්තේ නීල් නැමැති පාතාල සාමාජිකයාගේ පුතයා වනවා ඔහු රණාලේ සමං සමග කෙසෙල්වත්තේදී සහොයුරන් දෙදෙනෙකු ඝාතනය කොට ඩුබායි රාජ්‍යට පලා ගොස් වසර ගණනල් එහි සුපිරි දිවියක් ගෙවමින් සැගවී සිටි බවයි වාර්තා වන්නේ. දිනුක 34 හැවිරිදි වියෙහි පසුවන අයෙකු වන අතර ඔහුගේ මව කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටිනවා මවගේ ඉල්ලීම පරිදි මෙම මළ සිරුර දිවයිනට අද පෙරවරුවේ රැගෙන ආවා දිනුක අවසන් කළ අයිස් හා කොකෙක් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වි සිටියා.
ඔහු එම මත්ද්‍රව්‍ය මාත්‍රාවක් වැඩියෙන් ගැනීම නිසා මෙම මරණය සිදුව ඇතැයි ද වාර්තා වනවා.නමුත් තව මතයක් වන්නේ ඔහුට කොරෝනා වැලැදී මරුණුවට පත් වූ බවයි. කෙසේ වෙතත් ඩූබායි රාජ්‍යයෙන් වාර්තා වන්නේ හෘදයාබාධයක් නිසා මෙය වූ බවයි කෙසෙල්වත්තේ දිනුකගේ මළ සිරුර මෙලෙස අවසානයේ මෙරට ආ විගස පොලිස් භාරයට ගැනුණේ ඔහුට කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන කොට ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගෙන තිබු නිසාය කෙසේ නමුත් සියලු විමර්ශන වලින් පසුව ඔහුගේ දේහය සිය මවට භාරදීමට නියමිතය
1501 Views
Comments