ගංජා වගාව නීතිගත කරනවා..- සිසිර ජයකොඩි

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිටව්ගේ ඉල්ලීමද සැලකිල්ලට ගෙන රටේ කංසා වගාව නීත්‍යානුකූල කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අැමති සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.
බෙංගමුවේ නාලක හිමියන් රටට ඉතාම ආදරේ කරන නිදහස් ජාතික සටනක් ආරම්භ කළ ස්වාමීන් වහන්සේ නමක් බවත් එනිසා ඒ හිමියන්ගේ සහ තවත් විද්වතුන්ගේ අදහස් සැලකිල්ලට ගෙන එම යෝජනා කරන ක්‍රමවේදය රට තුළ ස්ථාපිත කරන බව ද ඔහු පැවසීය.
පළමුකොටම දේශීය වෙදකමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මෙරට පුරම නිෂ්පාදනය කිරීමට වැඩ පිළිවෙලක් ආරම්භ කරන බවත් එහිදී ග්‍රාමීය ජනතාවට ආදායම ලැබෙන ලෙස කටයුතු කරන බවත් ඇමතිවරයා කියා සිටියේය.
781 Views
Comments