කිහිපදෙනෙක් එක්ව තරුණයෙක්ව ඝාතනය කරයි

මිදිගම පොලිස් වසමේ පාතගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ (11) රාත්‍රී කාලයේ දී මේ පිළිබඳ පොලීසියට පණිවුඩයක් ලැබුණු බවය.
පහරදීමෙන් මියගොස් ඇත්තේ, 24 හැවිරිදි තරුණයෙකි.
ඝාතනයට හේතුව අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් කිහිපදෙනෙක් පැමිණ ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇති අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (12) පැවැත්වීමට නියමිතය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිදිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
186 Views
Comments