අනුර සජිත්ගේ ෆයිල් එලියට දායි – බිලියන 03ක දූෂණයක්..!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සම්බන්ධ දූෂණ වල ලිපිගොණු ද තමන් සතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ, අද (03) දින පදනම් ආයතනයේදී පැවැත්වෙන ‘රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව’ නම් විශේෂ මාධ්‍ය හමුව අමතමින්.
” අර මාවනැල්ලෙදි එක්කෙනෙක් කිව්වනේ හොරු අල්ලනවා කියලා. වර්තමාන විපක්ෂනායකතුමා. ඉතින් එයාගෙ ෆයිල් වගේකුත් තියෙනවා. එයාගෙ කිරිඇල්ලගේ, රාජිතගේ. ඒවා තියෙනවා මේකේ. ඒ නිසා මේ වංචාවට දූෂණයට එරෙහි අරගලයත් කොල්ලකන්න ඉඩ දෙන්න එපා.”
සංස්කෘතික අරමුදලේ මුදල් වංචාවට අදාල වාර්තාව පසුගිය දිනක අග්‍රාමාත්‍යවරයා වෙත ලද බවත්, බිලියන 3ක මුදලක් අනවසරයෙන් වියදම් කර ඇති බව එම වාර්තාවේ සඳහන් බවත් අනුර දිසානායක පවසනවා.
829 Views
Comments