තෙහැවිරිදි සිඟිත්තිය පිඟානකින් පුළුස්සා පළාගොස් සැඟව සිටි නරුම මව අත්අඩංගුවට

කිළිනොච්චිය, අක්කරායන් ගණේෂපුරම් ප්‍රදේශයේදී තම තුන් හැවිරිදි සිඟි.ි දැරිය රත් කළ පිඟානකින් පුලූස්සා තුවාල සිදුකොට සැඟවී සිටි මවක් පසුගිය 09 වනදා අක්කරායන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරිය විසින් මෙම දැරියට එම අපරාධය සිදුකොට ඇත්තේ පසුගිය 08 වනදාය.
අදාළ සිදුවීමෙන් පසුව ඇය පළා ගොස් සිටි අතර ඥාතීන් විසින් දැරියව රෝහල් ගතකොට මේ වන විට සුවදායක තත්ත්වයකට පත් කරවා ගෙන තිබේ.
අදාළ කාන්තාව පොලීසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර අක්කරායන්කුලම් පොලීසිය ඇයව කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
1277 Views
Comments