බීබීසී සිංහල ගුවන් විදුලි සේවය වසා දැමීමට පියවර

නොවැම්බර් 30 වනදා බීබීසී සිංහල ගුවන් විදුලි සේවාව මෙම සඳුදා වසා දමන බව බීබීසී ලෝක සේවය නිවේදනය කරයි.
මෙම සේවාව සෑම සතියකම ශ්‍රාවකයින් 833,000 ක් නියෝජනය කරන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
එම සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ මුළු සිංහල කතා කරන ජනගහනයෙන් සියයට 7 ක් පමණ වනවා.
එක්සත් රාජධානියේ ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (NUJ) බීබීසීයෙන් ඉල්ලා සිටින්නේ මෙම සැලැස්මට කඩිනමින් විරාමයක් ලබා දෙන ලෙසත්, විශේෂයෙන් විශාල ප්‍රේක්ෂක පිරිසකට සහ රටේ ජනමාධ්‍ය නිදහස සහ මානව හිමිකම් පිළිබඳ වර්තමාන ගැටුම් හේතුවෙන් වසා දැමීම නැවත සලකා බලන ලෙසත්බව මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.
2020 සැප්තැම්බර් මාසයේදී බීබීසී ය කියා සිටියේ ගුවන්විදුලි සේවාව වසා දමා සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්ත කිරීමට අවශ්‍ය බවයි.
මුලදී මෙම සැලැස්ම 2021 මාර්තු වන විට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුත් පසුගිය සතියේ (නොවැම්බර් 20) සිකුරාදා හදිසියේම කණ්ඩායමට දන්වා සිටියේ මෙම මාසය අවසානයේදී සියලුම විකාශනයන් නවත්වන බවයි.
බීබීසී සිංහල ගුවන්විදුලි සේවයේ නවතා දැමීමෙන් ඩොලර් 180,000 ක පිරිවැයක් ඉතිරි වන බව බීබීසී ප්‍රකාශ කරයි.
589 Views
Comments