ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරු තිදෙනෙක් පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගනියි (PHOTO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
20

ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරු තිදෙනෙක් පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගනියි (PHOTO)

ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරු තිදෙනෙක් පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගනියි (PHOTO)

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරුන් තිදෙනෙකු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගෙන සිටීම විශේෂත්වයක් විය.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 අය වැය දෙවන වර කියවීමේ විවාදය සඳහා සභභාගීවීමට ඊයේ (19) පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භයේ අසුන් ගත් අතර, එතුමා සමඟ හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද විය.

 

ඔවුන් දෙදෙනා සමඟ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද තම ආසනයේ සිටිමින් විවාදයට සහභාගී විය.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ සිට 2015 දක්වා අවස්ථා දෙකක දී ජනාධිපතිධූරය හෙබවීය.

 

මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ සිට 2019 වසර දක්වා ජනාධිපතිධූරය හෙබවීය.

 

 

 

 

 

views

634 Views

Comments

arrow-up