බන්ධනාගාර ගත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගෙන්වීම නතර කිරීමට තීරණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

බන්ධනාගාර ගත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගෙන්වීම නතර කිරීමට තීරණයක්

බන්ධනාගාර ගත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගෙන්වීම නතර කිරීමට තීරණයක්

වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුව වෙත පැමිණෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා නොකැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

 

ඒ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට එය අදාළ වන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියාසිටියේ.

 

පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හා සමගි ජන බලවේගයේ රිෂාඞ් බදියුදීන් මෙන්ම ටී එම් වී පී පක්ෂයේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් යන අය මේ අනුව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැඳවෙන්නේ නැහැ.

 

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවකදී සෞඛ්‍ය රෙගුලාසිවලට යටත්ව ආරක්ෂිත පියවර අනුගමනය කරමින් එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට රැගෙන ඒමට පියවර ගන්නා බවද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කලා.

 

 

views

571 Views

Comments

arrow-up