ඇමෙරිකානු තානාපතිනිය විදේශ ඇමති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලේනා ටෙප්ලිට්ස් මහත්මිය හා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණි.
එහිදී කොවිඩ් වසංගත තත්වයට එරෙහිව සටන් කිරීමට සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදුවූ ව්‍යසනයේදී පාරිසරික හා සමාජ ආර්ථික බලපෑම අවම කිරීමට ඇමෙරිකාව දුන් සහයෝගයට විදේශ අමාත්‍යවරයා තානාපතිවරියට සිය ස්තුතිය පළ කළේය.
කොවැක්ස් වැඩසටහන යටතේ එන්නත් ලබාදීම මෙන්ම ඹී ්සා අමෙරිකානු ආධාර යටතේ පෞද්ගලික ආරක්ෂක උපකරණ සහ ඔක්සිමිටර් වැනි හදිසි වෛද්‍ය පහසුකම් ලබාදීම පිළිබඳවද විදේශ අමාත්‍යවරයා ඇමෙරිකානු රජයට මෙම හමුවේදී කෘත්‍යඥතාව පළ කළබව අමාත්‍යාංශය සඳහන් කළේය.
දෙරට භුක්ති විදින ශක්තිමත් දේශපාලන හා ආර්ථික ද්විපාර්ශ්වික සහයෝගීතාව උපයෝගී කර ගනිමින් සිදු කෙරෙන ඇමෙරිකානු පෞද්ගලික අංශයේ ආයෝජනද මෙම හමුවේදී අමාත්‍යවරයා විසින් ඇගයීමට ලක්කොට තිබේ.
මෙහිදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාව සහ වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම් ඇතුළු අනෙකුත් ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව දෙපාර්ශ්වය අතර දිර්ඝව සාකච්ඡා කෙරුණු බව විදේශ අමාත්‍යාංශය විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.
687 Views
Comments